යේසුස් වහන්සේ සහ සාර්ථකත්වය


සාර්ථකත්වය ලෙස ඔබ විග්‍රහ කරන්නේ කුමක්ද? ඔබේ සාර්ථකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? කෙනෙක් තමාගේ සාර්ථකත්වය ලෙස යමක් දිනාගැනීමට සිතයි. එය ලබා ගැනීමට උත්සාහා දරයි. අවසානයේ එය, එම පුද්ගලයා ලබාගත්තේ යැයි සිතමු. ඉතින් එම පුද්ගලයා ඒ ගැන තෘප්තිමත් වනු ඇත්ද? ඔහු සාර්ථක වූවා යැයි ඔබ සිතනවාද?
මගේ සමීපතම මිතුරියගේ එකම අරමුණ වූයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමයි. ඇගේ අරමුණ ඇය ජය ගත්තාය. ඒ ගැන ඇය ඉතා ප්‍රීති වූවාය. නමුත් විශ්ව විද්‍යාලයට ඇතුල් වූවාට පසු ඒකත් ලැබුනාට වැඩක් නෑ යැයි මට කීවේ කළකිරුණු ස්වාභාවයකිනි.
එසේ නම් බලාපොරොත්තු යමක් ලබා ගැනීම සාර්ථකත්වයද?

සිතාබලන්න
සාර්ථකත්වය ලෙස ලෝකයා දකින්නේ කුමක්ද? ඊට කිතුණුවකගේ ව්ග්‍රහය කෙබදුද?
සැබවින්ම සාර්ථකත්වය යනු යමක් ලබාගැනීමට වඩා, එය දෙස බලාපොර‍ොත්තුවෙන් යතුව ගමන් කිරීමත්, ඒ උදෙසා ක්‍රියා කරීමත් වේ. සාර්ථකත්වය යනු අවසානයකට වඩා, අවසානයක් නොමැති ගමනකි. තවද යම් කාර්යයක් අංගසම්පූර්ණව හා අවසානය තෙක් කිරීම ගෝකයා දකින සාර්ථකත්වයයි. (මමද එසේ සිතු වෙමි.) නමුත යම් ක්‍රියාවක ආරම්භකයා ලෙස ඔබවත්, එහි දීර්ඝ ක්‍රියාකාරිත්වය සහ අවසානය සදහා වෙනත් අයත් දෙවිපියාණන් විසින් යොදා ගන්නවා ඇත. ඔබව ඊට වඩා කාර්යය භාරයක් හෝ වෙනත් ක්‍රියාවන් සදහා හෝ යොදා ගැනීමට ඉඩ ඇත. එහෙයින් වැඩක් හොදින් හෝ නරකින් අවසානය තෙක් කිරීම දෙවියන් වහන්සේ ඔබෙන් බල‍ාපොරොත්තු නො‍වනසේක. නමුත් බලාපොරොත්තුවෙන් ඔබ ගමන් කරන ගමනේදී සෑම ක්‍රියාවක්ම දෙවියන්වහන්සේට එකගව කිරීම, උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන සේක.

මේ ලොකයේ ඔබ කරන්නේ කුමක්ද? අපි සොලමන් රජතුමා ගැන මදක් කලපනා කර බලමු. සොලමන් රජ්ට අවශ්‍යයි යමක් උන්වහන්සේගෙන් ඉල්ලන්න යැයි දෙවියන් වහන්සේ ඔහුට කී සේක.ඔබෙන් කෙනෙක් යමක් ඉල්ලන්න යැයි ඔබට කී විට, ඔබ එම පුද්ගලයා දෙස බලා, එබ වෙනුන් ඔහුට කුමක් සැපයිය හැකි දැයි පළමුවෙන් සිතනු ඇත. නමුත් දෙවියන් වහන්සේ සර්වබලධාරීය. උන්වහන්සේට සියල්ල සැපයිය හැක. මෙහිදී සොලමන් රජු නොපැකිලව, ඔහු යටතේ වූ රාජ්‍යය පාලනය කිරීම සදහා ඥානය ඉල්ලා සිටියේය.
දැන් ඔබෙන් දෙවියන් වහන්සේ ඉල්ලන ඕනෑම දෙයක් දෙන බව පවසා, ඔබට උන්වහන්සේ ඉල්ලන්න යැයි පැවසුවහොත් ඔබ ඉල්ලන්නේ කුමක්ද? සිතා බලන්න.
සොලමන් රජු එසැනින් ඔහුට අවශ්‍ය දෙය ඉල්ලීය. ( ඔබට එසේ සැණින් එසේ ඉල්ලිය හැකිද?) සැබවින්ම,එසැණින්ම, එම පිළිතුර දීමට රජුට හැකියාවක් ලැබුනේ, දෙවියන් වහන්සේ ඔහුගෙන් මෙලොව බලාපොරොත්තුවන දෙය පිළිබදව ඔහු දැන සිටි බැවිනි.
ඔහුට රාජ්‍යයක් බාරදී, එය පාලනය කිරීමට බලය දී තිබුනේය. දෙවිපියාණන් ඔහුගෙන් බලාපොරොත්තු වූයේ එම කාර්යය සාර්ථක කිරීමය. සොලමන් රජුද ඔහුගේ කාර්යය හොදින් හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දේ උන්වහන්සේගෙන් ඉල්ලුවේය. ඔබට ඉහත පැනයයට පිළිතුරු දීමට අපහසු වූයේ නම්, ඒ ඇයි දැයි දැන් ඔබට වැටහෙනු ඇත. දෙවියන් වහන්සේ මෙලොවෙදී ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද? සැබවින්ම ඔබට දෙවියන් වහන්සේ බාරදී ඇති කාර්යය කුමක්ද? ඔබ හදුනාගෙ නැත.
දැන්ම සිතන්න. ඔබෙන් දෙවි පියාණන් බලපොරොත්තු වන්නේ කුමක් ? ඔබ එය නිවැරදිව හදුනාගත්තා නම්, පහසුවෙන්ම ඔබට දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමට අවශ්‍ය දෙය හදුනාගත හැක.එය උන්වහන්සේගෙන් ඉල්ලීමට හැකියාවද ලැබෙනු ඇත.
සොලමන් රජු ඥානය ඉල්ලීය.නමුත් අන් කිසිවක් නොඉල්ලා ඥානය ඉල්ලීම හේතුවෙන්, දෙවියන් වහන්සේ ඔහුට ඥානයද අන් සියල්ල ද දෙන්නට පොරොන්දු වූ සේක.
සොලොමන් රජුට තරම් ඥානය ඇති කිසිවෙක් ඔහුට පෙර නොසිටියේය. ඉදිරියේද නොවේ යැයි ලියා තිබේ.
ඔබගේ ජීවිතයේ ඔබ, විශ්ව විද්‍යාලීය සිසුවකු ලෙස ද,ලොව වෙසෙන පුද්ගලයකු ලෙස ද, දෙවියන් වහන්සේ විසින් ඔබ තුළින් බලාපොරොත්තු වන දෙය හදුනාගෙන, එය සාර්ථක කිරීමට අවශ්‍ය දෙය උන්වහන්සේගෙන් ඉල්ලූවිට, සියල්ල සපයන්නාවූ දෙවියන් වහන්නසේ විසින් ඔබේ ඉල්ලීමත්, ඔබට අවශ්‍ය අන් සියල්ලත් සපයනු ඇත.

සාර්ථකත්වය යන මාතෘකාව හමුවේ අපගේ ජීවිතයට ආදර්ශය ලෙස ගත හැකි පුද්ගලයන් හතරදෙනකු පිළිබද අවධානය යොමු කරමු.
ආබ්‍රහම්
විශ්වාසයේ පියා ලෙස අප හදුන්වන මොහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි බොහෝ අවස්ථාවන්හි, බොහෝ ක්‍රියාවන්හි ආරම්භකයා නැතහොත් පුරෝගාමියා බවට පත්විය. ඔහුට ඔහු සතු වූ බොහෝ දේ අතහැර, පොරොන්දු වූ ‍දේශය කරා ගමන් ආරම්භ කිරීමට සිදුවිය. මේ ගමනේදී ඔහු මිනිසෙකු ලෙස වැරදි ක්‍රියාවන්ද කළේය. නමුත් ඒවා තුළින් නිවැරදි දේ උගෙන, නිවැරදි මාර්ගයට පිවිසෙන්නට තරම් හේ නිහතමානී වූයේය.
තවද ලොත් සමග භුමිය වෙන්කරගත් ඔහු, ලොත්ට කැමති භූමිය තොර‍ාගන්නට ඔහුට ඉඩ හැරියේය. ලොත්, සාරවත් තණනිල්ල ජීවිතයේ සාර්ථකත්වය ලෙස දැක,සාර්ථකත්වයට කෙටි මං සොයනු වස්, ජීවිතය විනාශ කර ගත්තේය. මෙහිදී අධීක විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේට කන් දීමට ද, උන්වහන්සේට ද, ඔහුගෙන් උන්වහන්සේ බලාපොරොත්තුවූ දෙය ඉටුකිරීමට ද ආබ්‍රහම් සමත්විය. එනම් යමක් දරාසිටීමේ ශක්තිය ඔහු තුළ තිබූ අතර, ඔහු‍ෙග් ගමන කෙළවර දක්වා ගමන් කිරීමට හැකියාව ඔහු සතු විය. දෙවියන් වහන්සේ ඉදිරියෙහි සාර්ථක ජීවිතයක් ගතකළ මේ පුද්ගලයාගෙන් ඔබට උගත හැකි දේ සිතා බලන්න. ජීවිත ආදර්ශයක් ගන්නට උත්සාහ කරන්න.
දානියෙල්
දානියෙල් යනු. ඔහුගේ ජීවිතයේ කිසිම අවස්ථාවකදී දූෂිත දෙයක් හෝ නොසැලකිල්ලෙන් යමක් හෝ නොකල පුද්ගලයෙකි. ලෝකයා සැමවිටම බොහෝ කරුණු හමුවේ මධ්‍යස්ථව පැවතීමට බලාපොරොත්තුවේ. නැත්නම් එය සාර්ථකත්වය ලෙස දකිති. නමුත් දානියෙල් වනාහි, මධ්‍යස්ථව නොපැවත, විශිෂ්ඨත්වය කරා යෑම තම ජීවිතයෙන් විදහා දැක්වූ පුද්ගලයෙකි. සැමවිටම සත්‍යවාදී වෙමින්, නිවැරදිව ක්‍රියා කළේය. හරිදේ සහ වැරදි දේ මිශ්‍ර කර ගනිමින් වියවුල් තත්ත්වයට පත් නොවූ‍ෙය්ය. ලොව අකාර්යක්ෂමයා නිවැරදිව ක්‍රියා කරන අතර කාර්යක්ෂමයා අතින් වැරදි සිදුවීම දැකිය හැක. නමුත් දානියෙල් කාර්්‍යක්ෂමව,නිවැරදිව ක්‍රියාකරන්නෙක් විය.තම මුළු දිවියම දෙවියන්වහන්සේ කෙරෙහි අධික විශ්වාසයෙන් ද, උන්වහන්සේ උදෙසා ද, නොනැවතී ගමන් කරවීය.
යමක විශිෂ්ඨත්වය දෙසම ගමන්කළ, හරිවැරැද්ද අතර වියවුල් නොවූ, දෙවිපියානන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව තම ජීවිතය ගෙවූ මේ පුද්ගලයාගෙන් ඔබට ගතහැකි ආදර්ශය කුමක් ද?
බාර්ණබාස්
මුල පටන් පාවුලුගේ සේවකයකු වූ මොහු, අන් අය යම් කාර්යයක් සදහා උනන්දු කරවීමේ පුත්‍රයෙකු ලෙස හැදින්විය හැක. එදා කිතුණුවන්ට අධික ලෙස හිරිහැර කළ පාවුල්ට යේසුස් වහන්සේ මුණ ගැසී, ඔහුගේ ඇස් අන්දවූ අවස්ථාවේදී, බාර්ණබාස් ඔහුට කරුණාව දැක්වීය. කිතුණුවන්ට කළ හිරිහැර නිසා, පාවුල් අත්හැර යාම ‍ෙහා් ඔහු අසරණ වූ අවස්ථාවේ තනිකර යෑම බාර්ණබාස් නොකළේය. පාවුල් විසින් යේසුස් වහන්සේ ව පිළිගත්තද, කිතුණුවන් විසින් පාවුල්ව පිළිගැනීමක් නොවීය. නමුත් බාර්ණබාස් පාවුල්ගේ විපතේදී පිහිට වී ඔහු කිතුණුවාට හදුන්වාදුන්නේය. මග පෙන්නුවේය. පසුකාලීනව මාක්ට සම්බන්ධව බාර්ණබාස් හා පාවුල් අතර ඇතිවූ ගැටුමේදී, කිතුණුවන් අතර යෝධයකු මෙන් වූ පාවුල් හා විරුද්ධව බාර්ණබාස් තම මතයේ පිහිටියේය.
බාර්ණබාස් කවරෙක්ද? ඔහුගේ ජීවිතයේ අභියෝග බාරගැනීමට බිය නොවූයේය. එසේම අධිමානයෙන් හෝ හීනමානයෙන් පෙළෙන්නෙකු ද නොවීය. පාවුල් අසරණවූ මොහොතේදී, ඔහු ඉදිරියේ අධිමානයෙන් හෝ පසුකාලීනව පාවුල් සමග ඇතිවූ ගැටුමේ දී හීනමානයෙන් හෝ ‍ඔහු නොපෙලුනේය. ඔහු මිනිසා කෙරෙහි දයාවන්ත විය. මාන්නය මිනිසා පීඩනයට ලක්කරයි. මාන්නයත් මනස වියවුල් කරගැනීමත් තම ජීවිතයේ නොවූ බැවින් බාර්ණබාස් සාර්ථක ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි.
ඔබට බාර්ණබාස්ගේ ජීවිතයෙන් ග. හැකි ආදර්ශය කුමක්ද? සිතා බලන්න. . . .

යේසුස් වහන්සේ
දේව පුත්‍රයාණන් වූ යේසුස් වහන්සේ, මිනිසත් බව ගත්තේ ඇයි ? මෙය ඔබ සිතුවාද ?
මිනිසා සදහා සේවය කිරීමට, ඔහුව පාපයෙන් මුදාලීමට, උන්වහන්නේ මිනිසා තුළටම පැමිණි සේක. මිනිසාට හදුනාගතහැකි අයුරින් කතා කිරීමට යේසුස් වහන්සේ මිනිසත් බව ගත්සේක. එසේ නම් ඔබටත් මටත් අනෙකාට සේවය කිරීමට, උපකාර කිරීමට, ඔහුගේ මට්ටමට. එම හැගීම් වලට ඇතුල්වීමට සිදුවේ.
නැතිනම් අනෙකාට ඇති අවශ්‍යතාවය පරිදි ඔබට, උපකාර කළ නොහැක. සිතන්න අද ඔබ සුඛෝපභෝගී රථයක ගමන් ගනිද්දී, බසයක තෙරපී දහදිය හෙලාගෙන යන මගියෙකුගේ අපහසුතාවය තේරැම් ගත හැකිද? කවරදාකවත් ඔබ බසයක් තුළ ගමනේ අත්දැකීම විද නැත්නම්, ඔබට බස්රථ මගීන් ගැන කිසිදු හැගීමක් ඇති නොවනු ඇත.ඔබ කුසගින්න නොහදුනන්නේ නම්, කුසගිනි වූවෙකුට පිහිට වීමට ඔබට හැකිද ?
අප දිවියේ ඇතැම් යුගයන් තුළ අප වල වැදුනාක් මෙන් අපට දැනෙනු ඇත.මෙය සූදානම් කිරීමේ කාලයයි. යේසුස් වහන්සේද මෙය අත්විදි සේක. මෙය ඔබට දෙවියන් වහන්සේ විසින් උදාකරදෙන අවස්ථාවකි. ඔබ අනෙකා නොහදුනන්නේ නම්, ඔබේ උගත්කමේ හෝ හැකියාවන්ගෙන් හෝ අනෙකාට කිසිදු පුයෝජනයක් අත් නොවනු ඇත. දෙවියන් වහන්සේද මිනිසත් බව ගෙන මිනිසාව මුදාගත්සේක.
එසේනම් එබ මිනිසාව, ඔහුගේ හැගීම්, එම ජීවිතය හදුනාගත යුතුයි. විශ්ව විද්‍යාල සිසුවකු ලෙසින් විවිධ තරාතිරම් වලින් විවිධ ප්‍රදේශ හා රටවල්වලින් පැමිණි සහෝදර සහෝදරියන් ඔබට මුන ගැසෙනු ඇත. බ රැකියාවක් කිරීමට යන අවස්ථාවේදී මිනිසා හදුනාගැනීමට හැකිවන අන්දමින් ඔ‍ෙබ් රැකියා ක්ෂේත්‍රය තෝරා ගත හැක. මද කලකට හෝ දුෂ්කර පළාතක සේවය කිරීමෙන් මිනිසගේ අවශ්‍යතාවය ඔබ‍හෙදුනා ගත හැක.හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජනයට ගෙනමිනිසා හදුනාගන්න. දෙවියන් වහන්සේ විසින් ඔබෙන් බලාපොරොත්තු වන කාර්යය උදෙසා පන්නරය ලබාගන්න.
ඔබේ සාර්ථකත්වය විශ්ව විද්‍යාලයෙන් පිටවීමේදී උපාධිධරයෙක් හෝ උපාධිධාරියක් වීමම නොවේ.දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඔබ මෙම කාලයේදී හදුනාගන්න. යේසුස් වහන්සේ තුළින් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට මං සොයාගන්න.
එම සාර්ථකත්වය උදෙසා සදවියන් වහන්සේට එකගව, උන්වහන්සේ උදෙසා ක්‍රියා කරන්න.

රචනය : මහාචාර්ය අමල් කුමාරගේ මෙහෙයවූ කොළඹ පෝය දින සැසි වාරයක් ඇසුරෙන්
තරංගා වික්‍රමසිංහ සිංහලට සකස්කරන ලදි
--------------------------------------------------